July 11, 2026
NewsPolitical

අර්බුදය මුදුනේ සිට කබ්රාල් වැඩ පෙන්නයි.. අඛණ්ඩව ඉන්ධන ගේන්න ඩොලර් දෙන වගකීම බාරගනී…

මෙරටට ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් සොයා දීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව භාරගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

ඒ මහතා මේ බව දැනුම් දී ඇත්තේ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී ය.

ඉන්ධන අනායනයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වේලාසන දැනුම් දෙන ලෙස ද මහ බැංකු අධිපතිවරයා එම සාකච්ඡාවේදී ඉල්ලීමක් කර ඇත.

ඉන්ධන අර්බුදය හේතුවෙන් දෛනිකව විදුලිය විසන්ධි කිරීමක් මුලින් සැලසුම් කර තිබුණද පසුව එම තීරණය ඉවත් කරගෙන ඇත්තේ මහ බැංකුව විසින් ලබාදුන් එම පොරොන්දුව මතයි.

Related posts

මාලිමාවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ජාතික ප‍්‍රතිපත්ති රාමුව බවට පත් කරයි.. කැබිනට් අනුමැතිය..

Shiran Viraj

KDU වෛද්‍ය උපාධියට අයදුම්පත් කැදවයි…

Shiran Viraj

ජපානයට ඇමරිකාවෙන් ආසියාවේ විශාලතම බදු සහනයක් – නව වෙළඳ ගිවිසුමකට ට්‍රම්ප් අත්සන් කරයි

Shiran Viraj