29.5 C
Colombo
July 10, 2026
NewsPolitical

පාසැල් වැහුවට පෙර පාසැල් වහන්නෑ..

පෙර පාසල් සාමාන්‍ය පරිදි පවත්වන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

2022 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී එයට මූලිකත්වය ලබා දෙමින් විභාග කටයුතු සඳහා ශාලා පහසුකම් ලබා දීමේ අවශ්‍යතාව මත ප්‍රාථමික අංශ සහ ප්‍රාථමික විදුහල් වසා තැබීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ ලිපිය සම්බන්දයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසීය.

ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ පෙරපාසල් දිගු කාලයක් වසා තැබීමට සිදු වූ බැවින් වර්තමානයේ හැකි සෑම අවස්ථාවකම දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් 2022 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ පෙර පාසැල් වසා නොතබන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුකූලව දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් සාමාන්‍ය පරිදි පෙර පාසල් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.

– චානුක ජයරංජන ගුණතිලක

Related posts

මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්

Shiran Viraj

ගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..

Shiran Viraj

ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් කෝටි 30ක අයුතු ලාබයක්…

Shiran Viraj