July 1, 2026
Local NewsNews

මරුවා අතින් ගෙන මගී බෝට්ටු ගමනේ…

යාපනය කරෙයිනගර් සහ කයිට්ස් දූපත අතර වූ මුහුදු සීමාවේ පොදු මගී ප්‍රවාහන බොට්ටු සේවය අකර්මන්‍ය වීම හේතුවෙන් දින රජයේ සේවකයින් ඇතුලු මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් නොමැතිව දැඩි පීඩාවන්ට ලක්ව සිටිති.

කරෙයිනගර් සහ කයිට්ස් මුහුදු සීමාවේ මෙතෙක් මගී ප්‍රවාහනය කෙරුනු මගී ප්‍රවාහන බොට්ටුවේ සිදු වූ එන්ජින් දෝෂයක් හේතුවෙන් පසුගිය 08 වනදා සිට අදාල සේවය නැවතීම හේතුවෙන් මෙම ගැටලුව ඇතිව තිබේ,

නමුත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මගී ප්‍රවාහනයට ඊට නිසි පිළියමක් නොයෙදීම හේතුවෙන් සාමාන්‍ය මෝටර් බෝට්ටුවල යතුරුපැදි ඇතුලු භාණ්ඩ පටවාගෙන දැඩි අවධානමක් හමුවේ ගමන් කිරීමට සිදුව ඇත.

කයිට්ස් අධිකරණයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මූලික රෝහලේ සේවයේ නිරත රාජ්‍ය සේවකයින්ට නියමිත වෙලාවන්ට සේවයට යාමට නොහැකි වීමෙන් එම පිරිස් දැඩි අසීරුතාවන්ට පත්වන අතරම සාමාන්‍ය ජනතාවටද ප්‍රවාහනය නොමැති වීමෙන් පීඩා විඳිති.

එමෙන්ම සාමාන්‍ය මෝටර් බොට්ටුවකට යතුරුපැදි පැටවීමේදීද දැඩි දුෂ්කරතාවයන්ට පත්වන අතරම මුහුදේ ගමන්කිරීමේදී මුහුදු රලු වීමෙන් දැඩි ජීවිත අවධානමක්ද පවතින් බැවින් කඩිනමින් මගී ප්‍රවාහන බොට්ටු සේවය යථාතත්වයට පත්කර දෙන මෙන් යාපනය දූපත්වාසී ජනතාව සහ රාජ්‍ය සේවකයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ගෝටා ලක්‍ෂ 64යි.. සජිත් ලක්‍ෂ 37යි.. වැඩි ඡන්ද ලක්‍ෂ 27කින් ගෝටා දිනුම්..- ජනාධිපතිවරණයේ අලුත්ම පුරෝකතනය මෙන්න..

Shiran Viraj

ඇමති ප‍්‍රසන්නට ප‍්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි.. රෝහලේ උණුසුම් තත්වයක්..

Shiran Viraj

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි

Shiran Viraj