26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

ඉසුරුපාය ඉදිරිපිට උපවාසයක් අරඹයි….

2021 අගෝස්තු 10 දින සිට සීමාවාසි පුහුණුව අවසන් කර සිටින 2017-2019 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ශණලාභින්ට පත්විම් ලබාදෙන දිනය ලෙස ලිඛිතව දන්වන ලෙස ඉල්ල සිටිමින් පුහුණු ගුරුවරුන් අද(7) සිට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ආයතන කටයුතු පිළිබද ශාඛාවේ අකාරාක්ශමතාව නිසා සීමාවාසි පුහුණුව අවසන් කර මාස 8 ක කාලයක් ගත වි ඇතත් තවම පත්වීම් ලබාදීමට නොහැකි වි ඇති බව අන්තර් විද්‍යාපීඨ ශික්ශණලාභි එකමුතුවේ සභාපති පුජ්‍ය.නාත්තන්විල නිමලසිරි හිමි පැවසිය.

තවද රජය විසින් ඉගැන්වීම් ක්‍රියාවලියට ප්‍රමිතිගත විශේෂිකරණ පුහුණුවක් ලද විද්‍යාපීඨ ගුරුවරුන්ට පත්වීම් ලබාදිමට කටයුතු නොකර දේශපාලන පත්වීම් මගින් සුදුසුකම් නොමැති පිරිස් ගුරු සේවයට බදවාගැනිමේ සුදනානමක් ඇති බව ස්වාමින්වහාන්සේ පැවසිය.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත්විම් ලබාදෙන දිනය ලිඛිතව ලබාදෙන තෙක් මාරාන්තික උපවාසය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පුජ්‍ය.නාත්තන්විල නිමලසිරි හිමි වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.

– චරිත් රනවක

Related posts

Oct 100 පෙට‍්‍රල් මෙරට අලෙවිය අරඹයි.. ලීටරයක් 793යි…

Shiran Viraj

O/L විභාගය අවසන් වූ වහාම උසස් පෙල අරඹයි.. මෙවර අසමතුන් නෑ…

Shiran Viraj

සියළු නායකයන්ට වඩා රනිල් ඉහළින්.. එතුමා කුණු බක්කියට දාන්න අපට බෑ..- ෆොන්සේකා

Shiran Viraj