September 19, 2026
NewsPolitical

පොහොට්ටු අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි.. විශාල පිරිසක් සමග විපක්‍ෂයට..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මේ වන විට කලකිරීමෙන් පසුවන බව වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ අවසන් කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඇතිවී තිබෙන මතභේදකාරී තත්ත්වයයි.

තරුණයන්ට පමණක් ඇමති තනතුරු ලබා දෙන බව පැවසුවද මීට පෙර අමාත්‍ය ධුර දැරූ පිරිසකටද ඇමති තනතුරු ලබාදීම මූලිකව මෙම මතභේදය උග්‍ර වී ඇත.

එමෙන් ම ධුරවලින් ඉවත් කර පිරිස් පවසන්නේ මේ හේතුවෙන් සමාජය ඉදිරියේ තමන් අකාර්යක්ෂම හා දූෂිත පිරිස් ලෙස නම් වී ඇති බවයි.

ජනාධිපතිවරයා නව අමාත්‍ය මණ්ඩලය අමතමින් කළ කතාවෙන්ද තමන් වරදකරු යයි මහජනතාව සිතන බව ද ඇතැමුන්ගේ අදහසයි.

මේ හේතුවෙන් හිටපු අමාත්‍යවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබුණ ද ඔවුන්ට නායකත්වය දීමට සිටි හිටපු අමාත්‍යවරයකු වූ තවමත් ආණ්ඩුවෙන් වෙන්වීම ගැන තීරණය ගැනීම ප්‍රමාද කරමින් ඇතැයිද දැනගන්නට තිබේ.

Related posts

ගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..

Shiran Viraj

ජනාධිපති සහ අගමැති එකවර ඉවත්වුනොත් රටේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා…

Shiran Viraj

ජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා.. ජනපතිට යන්නැයි කියයි.. අරලිය මැදුරේ සේනා රැස් කරයි..

Shiran Viraj