26.7 C
Colombo
September 18, 2026
Local NewsNews

ලිත්‍රො ගෑස් 100% ආසන්න දැවැන්ත මිල වැඩි කිරීමක.. සිලින්ඩරය 5175යි…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් සමාගම විසින් බෙදා හරින කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවා තිබේ.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 5175කි. එම ප‍්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක පැවති මිල වූයේ රුපියල් 2750කි.

කෙසේ වෙතත් මේ වන විට ලිත්‍රො ගෘහස්ථ ගෑස් ඉන්ධන නිකුත් නොකරන බව සමාගම නිවේදනය කර ඇත.

ඊට හේතු වී ඇත්තේ තමන් සතුව තිබූ තොග අවසන් වීමයි.

සමාගමේ සීමිත තොග අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් බෙදා හරින බව සමාගම සඳහන් කලේය.

එළඹෙන 25 වනදා නව ගෑස් තොග ලැබීමෙන් පසු නැවතත් සාමාන්‍ය ලෙස ගෑස් නිකුත් කරන බව සමාගම සඳහන් කරයි.

Related posts

රජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්

Shiran Viraj

රනිල්ට නඩු දමයි..

Shiran Viraj

ජනාධිපතිවරණය කැදවීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා උසාවි යයි..

Shiran Viraj