26.7 C
Colombo
September 20, 2026
Local NewsNews

දුම්රිය හරස් මාර්ගය හරහා ගිය කැබ්රථය දුම්රියේ ගැටී දරුවකු මිය යයි.. පියා ඇතුලු දෙදෙනෙකුට බරපතලයි…

යාපනය කොඩිකාමම් හි දුම්රිය හරස් මාර්ගයකදී (22) කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් වයස අවුරුදු 12 පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු  තුවාල ඇති බව කොඩිකාමම් පොලිසිය පවසයි.

කැබ් රථය දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ප්‍රධාන මාර්ගයට ගමන් කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.

කැබ් රථය දුම්රිය හරස්මාර්ගය හරහා ධාවනය කරන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ තිබූ ආලෝක සංඥා බුබුලු නොදැල්වුනු බවටද එහෙයින් තමන් දුම්රියක් එනු නොදැක්ක බවට තුවාල ලැබූවන් පවසා ඇත.

එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ මුරුගන්කෝවිල අසල , සංගතානෙයි වඩ්ඩුකෝඩ්ඩෙයි යන ලිපිනයේ පදිංචි දයාබලන් ධනුජන් නැමති 12 හැවිරිදි පාසල් සිසුවකු වේ.

කැබ්රථය පදවා ඇත්තේ මියගිය දරුවාගේ පියා වන අතර අනතුරින් එම දරුවාගේ සොහොයුරකුද බරපතල තුවාල ලබා ඇති බව පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලිසිය වැඩිදුරටත්  පැවසීය.

Related posts

ගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Shiran Viraj

අයවැය හිගය පියවීමට සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීමයි…

Shiran Viraj

‘සිංහල ඉතිහාසය’ සහ ‘දෙමළ ඉතිහාසය’ නැහැ: නව විෂය නිර්දේශය ‘ශ්‍රී ලාංකික ඉතිහාසය’ ලෙස පමණයි

Shiran Viraj