31.1 C
Colombo
June 9, 2025
International News News

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පසුගිය දා කෝප් කමිටුවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කලකිරීමට පත්වූ බව අදානි සමාගම පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බලපෑම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් අදානි සමාගමට ලබා දෙන ලද බවට මෙරට නිලධාරියෙකු සිදුකළ ප්‍රකාශයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් මෙලෙස කලකිරීමට පත්වන බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

“ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අපගේ අභිප්‍රාය වන්නේ වටිනා අසල්වැසියෙකුගේ අවශ්‍යතා සපුරාලීමයි. වගකිවයුතු ආයතනයක් ලෙස, මෙය අපගේ ජාතීන් දෙක සැමවිට ම බෙදාගත් හවුල්කාරිත්වයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස අපි දකිමු. එම විවේචනය හරහා අපගේ කීර්ති නාමයට සිදු වූ හානිය සම්බන්ධයෙන් අපි පැහැදිලිව ම කලකිරීමෙන් ඉන්නේ,” ඔහු ප්‍රකාශ කර ඇත.

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය සෘජුව ම ඉන්දීය අදානි සමාගමට ලබා දෙන ලෙස අගමැති මෝදි බලපෑම් කිරීම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් වෙත පැවසූ බව එම්.එම්.සී. ෆර්දිනැන්ඩු මහතා පසුගිය දා කෝප් කමිටුවේදී ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත්, පසුව ඒ මහතා එම ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදිසගහත බව සඳහන් කරමින් කෝප් කමිටුවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබිණි.

අනතුරුව ඔහු සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.

Related posts

සංචරණ තවත් දීර්ඝ කිරිමට හේතු සොයයි..

Shiran Viraj

ලෝකය හොල්ලමින් ඇමරිකාව චීනයට 104% අලුත් බද්දක් ගහයි..

Shiran Viraj

ගම්මිරිස් කිලෝව 2800 පනී…

Shiran Viraj