30 C
Colombo
June 15, 2026
Local NewsNews

සතියට තෙල් ලීටර් 30ක් නොදුන්නොත් ආණ්ඩුව පෙරලනවා..- ත‍්‍රිරෝද හිමියන්

ත්‍රීරෝද රථ කර්මාන්තයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධණ ලීටර 30ක් අවශ්‍ය බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.

එහි සභාපතිවරයා සඳහන් කරන්නේ ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා අනවශ්‍ය බවයි.

එය සිදු නොකරනේ නම් නම් ආණ්ඩුව එළවා දැමීමට කටයුතු කරන බවද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

සතියකට දෙන ඉන්ධන ලීටර පහ යනු දිනකට තුන්කාලක පමණ ප‍්‍රමාණයක් බවත් මෙම හේතුවෙන් කර්මාන්තයේ නියුතු අට ලක්‍ෂයක් පමණ දැඩි අර්බුදයකට පත්ව සිටින බවත් සභාපතිවරයා තව දුරටත් සදහන් කලේය.

Related posts

කබ්රාල්ට රටින් පිටවීම තහනම් කෙරේ..

Shiran Viraj

කාබනික පොහොරෙන් අස්වැන්න සරුවේ.. ගොයම් ගස් ගොවියාටත් වඩා උස යයි.. කරල් පිරේ..

Shiran Viraj

බාල ඖෂධ නිසා රෝගීන් මියයද්දී ඉන්දියාව සමඟ ඇති කරගත් ඖෂධ ගිවිසුම මාරාන්තිකයි – උදය ගම්මන්පිල

Shiran Viraj