26.1 C
Colombo
September 18, 2026
NewsPolitical

ආණ්ඩුවට බහුතරය නැති කරමින් තවත් 10ක් විපක්‍ෂයට..

ඉතාම ඉක්මනින් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය අහිමි වනු ඇති බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ දැනට ආණ්ඩු පක්ෂයේ ස්වාදීනව කටයුතු කරන තවත් මන්ත්‍රී කණ්ඩායමක් ලඟදිම විපක්ෂයට එක්වීමට නියමිත බවයි.

ඒ සමගම ආණ්ඩුවෙන් සරල බහුතරය අහිමි වීම ස්ථිර බව ද හෙතෙම කියා සිටියේය.

ආණ්ඩුවේ දැනට ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් දහ දෙනකු පමණ ඉතා ඉක්මනින් විපක්ෂයේ අසුන් ගනු ඇති බවත් ඒ සමගම ආණ්ඩුවේ මන්ත්‍රි සංඛ්‍යාව උපරිමව 110 බවට පත්වනු ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඉන් පසුව එම කණ්ඩායම් සියල්ල සමග එක්ව විශේෂ සාකච්ඡාවක් පවසා සුදුසු දේශපාලන පියවරයන් තීන්දු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

ක‍්‍රිකට් ගැටුම් උග‍්‍රවෙයි.. ක‍්‍රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..

Shiran Viraj

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු සමස්ත ප්‍රජාවගේම සාමූහික ක්‍රියාවලියක් බව හසාරා ලියනගේ පවසයි

Shiran Viraj

ආධාරකරුවන්ට උඩගෙඩිදී වොෂිංටනයේ ගිණි ඇවිලූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාජ මාධ්‍ය තහනමක්

Shiran Viraj