26.1 C
Colombo
September 18, 2026
NewsSportsSports News

ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා.. අපට සමාවෙන්න..- ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි..

20-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ගේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඕස්ට්‍රේලියානු රජයෙන් සමාව ඉල්ලා තිබේ.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

‘ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මේ ගැන අවධානය යොමුකරන ඔස්ට්‍රේලියානු පාර්ශ්වයන්ගෙන්, ඔස්ට්‍රේලියානු රජයෙන් හා ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මේ ගැන සමාව ඉල්ලනවා.

ධනුෂ්කකගේ ක්‍රියාව තනි පුද්ගලයෙකුගේ වගකිම් විරහිත ක්‍රියාවක්.

මේ ගැන මම අවධානය යොමුකර තිබෙනවා. රටක් ලෙස මෙහි වගකීම භාර ගන්නවා. මේ ගැන සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා’

Related posts

උතුරේ කොටි සැමරුම්…

Shiran Viraj

දානිෂ් අලිට සිර දඬුවම්….

Shiran Viraj

ජල බිල වැඩිවෙයි.. ස්ථාවර ගාස්තුව 600%කින් ඉහලට…

Shiran Viraj