31.1 C
Colombo
June 2, 2026
Local NewsNews

පොලීසිය ෂාෆ්ටර් ඝාතකයාට ලං වෙමින්.. ලේ තැවරුණු රෙදි, නියපොතු හමුවෙයි.. පරීක්‍ෂණ අරඹයි..

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ රුධිර සාම්පල්, නියපොතු ඇතුළු දේහ කොටස් මෙන්ම අපරාධ ස්ථානයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගත් ස්ථානීය සාක්කි කිහිපයක් සම්බන්ධයෙන් ඩී එන් ඒ පරික්ෂාව සිදු කිරීම සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (02 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නාය.

අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භුමිය වෙත ගෙන්වා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව භාර දී ඇති බවත්, මෙම මරණය ඝාතනයක් ද ? සියදිවි නසා ගැනීමක් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන බැවින් මෙසේ බොරැල්ල පොලිසිය විසින් ඝාතන ස්ථානයේ තිබී සොයාගත් වයර් කැබැල්ල,ලේ තැවරුණු රෙදි, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ නියපොතු, ලේ සාම්පල් මෙන්ම සොකෝ නිලධාරීන් විසින් සොයාගත් ස්ථානීය සාක්කි හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයෙන් අනතුරුව සොයාගත් ස්ථානීය සාක්කි කිහිපයක් රස පරික්ෂක වෙත යොමුකර වාර්තාවක් මෙන්ම ඩී එන් ඒ වාර්තාවක් කැඳවන ලෙස අධිකරණ නියෝග නිකුත් කරන මෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම අධිකරණය හමුවේ සිදුකර තිබිණ.

ඉකුත් 15 වැනිදා ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ 7, මල්පාරේ සිය නිවසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගෙන්වා මෝටර් රථය තුළදී වයරයකින් ගෙල සිරකර ඝාතනය කර තිබෙන බවට බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ. සිද්ධිය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ ලද තොරතුරු අනුව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වන බ්‍රයන් තොමස් මහතාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා, බිරියගේ දුරකථන වාර්තා සහ සමාගම් අධ්‍යක්ෂවරයකුගේ දුරකථන වාර්තා ද අධිකරණය විසින් කැඳවා තිබිණ.

පසුව බොරැල්ල පොලිසියේ ඉල්ලීමකට අනුව බ්‍රයන් තෝමස් මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරිණ.

අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය නඩු භාණ්ඩ පරික්ෂා කොට රස පරික්ෂක වාර්තාවක් මෙන්ම ඩී එන් ඒ වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරික්ෂකවරයා වෙත නියෝග කළාය.

ඒ.ජේ.ඒ. අබේනායක
– Divaina

Related posts

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…

Shiran Viraj

නාමල් පක්ෂය මාරු කරයි

Shiran Viraj

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ‘බොරු’! – භීතියට පත්වී මිලදී ගැනීම නතර කරන්න; කූට වෙළඳුන්ට නීතියෙන් දැඩි පිළිතුරු

Shiran Viraj