26.9 C
Colombo
September 19, 2025
Local NewsNews

මැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..

රජයට වියදම් කිරීමට ප්‍රමුඛතා ලැයිස්තුවේ කාරණා රාශියක් ඇතත් පවතින ආර්ථිකය කළමනාකරණ ගැනීමේ ගැටළුවකට රජයේ මුහුණ දෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරයි.

එම වියදම් අනුපිළිවෙල අනුගමනය කිරීම මත කලින් තිබූ ඉන්ධන ගෑස් පෝලිම අවසන් කිරීමට රජයට හැකි වූ බව හෙතෙම පැවසීය.

යම් හෙයකින් රජය මෙසේ සැලසුම්කර ඇති ප‍්‍රමුඛතා වියදම් අනුපිලිවෙල වෙනස් කළහොත් ගැටළු රාශියක් උද්ගත වනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙම මාසය සදහා රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, පාසැල් පෙළ පොත් මුද්‍රණය, වී මිලදී ගැනීම ආදී ගෙවීම් රාශියක් සිදු කළ යුතු බවද පැවසූ ඔහු මෙම අවශ්‍යතා වෙනස් කළහොත් ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුව ඇති බවද කියා සිටියේය.

මැතිවරණය සඳහා ඊයේ දිනයේ මුදල් ඉල්ලු බවත් අද දිනයේ පොහොර සඳහා මුදල් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

Related posts

අලු සමග නැගිටින රැස්වීම මං කරන්නේ නෑ.. මහින්ද තවත් දේශපාලනය කරන්නේදැයි තීන්දුවක් ගත යුතුයි..- ප‍්‍රසන්න

Shiran Viraj

The Hundred තරගාවලිය: Oval Invincibles කණ්ඩායමට තීරණාත්මක ජයක්

Shiran Viraj

තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්නයි ජනපති රාජ්‍ය ඇමති වරුන්ට දන්වයි..

Shiran Viraj