24.5 C
Colombo
September 20, 2026
Local NewsNews

රෝගීන් මිය යන්නේ හුස්ම නොගැනීමෙන්…

ජාතික ඇස් රෝහලේ මෑතකදී සිදු වූ සැක සහිත මරණය හාදයාබාධයකට ලඝු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල උත්සාහයක් දරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.

එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ එම කාන්තාව ශල්‍යකර්මයෙන් පසුව මිය යාමේ සිද්ධියට අදාළ ඖෂධය කිසිදු සම්බන්ධතාවක් නැතැයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළ ද එය පිළිගත හැකි මතයක් නොවන බවයි.

සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට රට තුළ සිදුවන සියලුම මරණ හෘදයාබාධයකින් එසේත් නැතිනම් රෝගීන් හුස්ම නොගැනීම හේතුවෙන් සිදුවන්නක් බවද හෙතෙම පැවසීය.

උද්ගතව ඇති මෙම බරපතළ තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගෙන් විහිළුසහගත පිළිතුරු කිසිවෙකු බලාපොරොත්තු නොවන බවත් අමාත්‍යංශය මීට වඩා වගකීම් සහගත විය යුතු බවත් ඔහු සදහන් කලේය.

Related posts

ප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයි

Shiran Viraj

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Shiran Viraj

අතරමැදි ක්‍රියාකාරිත්වය හේතුවෙන් වෙළෙඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළට

Shiran Viraj