26.7 C
Colombo
September 18, 2026
BusinessBusiness NewsLocal NewsNews

අතරමැදි ක්‍රියාකාරිත්වය හේතුවෙන් වෙළෙඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළට

මෙරට වෙළෙඳපොළ තුළ පොල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පොල් වගා කිරීමේ මණ්ඩලය පෙන්වා දෙන්නේ රට තුළ පොල් නිෂ්පාදන ධාරිතාව ඉහළ මට්ටමක පැවතියද, අතරමැදියන්ගේ අනිසි මැදිහත්වීම සහ වෙළෙඳපොළ හැසිරවීම හේතුවෙන් පාරිභෝගිකයාට ඉහළ මිලකට පොල් මිලදී ගැනීමට සිදුව ඇති බවයි.

පසුගිය සතියේ පැවැති පොල් වෙන්දේසිවලදී පොල් ගෙඩියක මිල රුපියල් 122 ත් 124 ත් අතර අගයක පැවති නමුත්, සිල්ලර වෙළෙඳපොළේදී පොල් ගෙඩියක මිල රුපියල් 180 සිට 200 දක්වා ඉහළ අගයකට අලෙවි කරනු ලබයි. වෙන්දේසි මිලට සාපේක්ෂව සිල්ලර මිලෙහි පවතින මෙම දැවැන්ත පරතරය පාලනය කිරීමේ අවශ්‍යතාව මේ වන විට මතු වී තිබේ.

නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ 2024 වසරේදී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2,900 ක් වූ බවයි. උදාවූ 2026 වසරේදී එම ප්‍රමාණය මිලියන 3,000 දක්වා වැඩිකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, දේශීය පරිභෝජනය මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීමට තරම් ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

Related posts

අලුත් ඇණැවුම් පෝලිමේ එයි.. වාහන මිල අඩුවීම ස්ථිරයි..

Shiran Viraj

අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක්‌ විමසලා; කැටපොළේදී පොලිස්‌ ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා

Shiran Viraj

අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…

Shiran Viraj