25 C
Colombo
April 20, 2026
NewsSportsSports News

වංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…

රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක අපි සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා දූෂණ නැති කර පරිණත ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදෙමින් එය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත්, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.

අද වන විට අපේ රට අඳුරු කාල පරිච්ඡේදයකින් ගමන් කරන අවස්ථාවක රටේ ආර්ථිකය කඩා වැටී තිබුණු අවස්ථාවේ ඒකට යම් පුනර්ජීවයක් ලැබිලා යන මොහොතකයි අපි සිටින්නේ, ලබන වර්ෂය මැතිවරණ වර්ෂයක් බවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත බවද හිටපු අමාත්‍යවරයා පැවසුවා. ඔහු මෙම අදහස් පළ කළේ Grand Oriental හෝටලයේ පැවති විශේෂ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා,

මම හිතන්නේ අපේ රට ඉතාමත් අඳුරු කාලයක් තුළින් ගමන් කරන වෙලාවක් ආර්ථිකය කඩාගෙන වැටුනා එකට පුනර්ජීවයක් ලැබිලා තිබෙනවා. අපි කවුරුත් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවට යම් ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව තිබෙනවා ඒක යථා තත්ත්වයට පත් කරලා එහි පවතින දූෂණ අක්‍රමිකතා නැති කර පරිණත ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම සඳහා කටයුතු කිරීම හැම දෙනාගෙම ප්‍රාර්ථනාවක්. මේ සඳහා අනිසි ඇඟිලි ගැසීමක් අනවශ්‍යයි. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහජ හැකියාව ඉස්මතු වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනි.මෙතන අක්‍රමිකතා වෙලා තියෙනවා නම් එවැනි අය වහාම ඉවත් කළ යුතුයි.ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොවේ දූෂණය වංචා වෙන සියලු තැන් පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. ක්‍රිකට් ක්‍රීඩාව තුළ වෙනස්කම් ඇතිකළ යුතුයි රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් ඒ වගේම කරන්න ඕනේ ඒකට මම හිතන විදිහට වෘත්තීය පදනමක් ඇති මේ රටට කීර්ති නාමයක් ගෙනාපු ක්‍රීඩකයින් සම්බන්ධ කරගෙන ඔක්කොම එකතුවෙලා වැඩපිළිවෙළක් හදන්න ඕනේ.

ඉදිරියේදී ගෙන ඒමට නියමිත අය-වැය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් හිටපු අමාත්‍යවරයා,

මං හිතන විදිහට වර්තමාන ජනාධිපති වික්‍රමසිංහ මහතා අපේ රට පැවැති අඳුරු යුගයෙන් යම් තරමකට ඉදිරියට ගෙනත් තිබෙනවා ඒක ලෙහෙසි ගමනක් නෙමෙයි, නමුත් මේ අය වැයත් අමාරු දුශ්කර තාවයෙන් උඩට ගේන්න පුළුවන් නායකත්ව වැඩපිළිවෙළක් එතුමා පෙන්වයි. මේ අවස්ථාවේ අපි සියලු දෙනාම සහ මූහික හැඟීමකින් ඔහුට උදව් කළ යුතුයි. වැටිලා තිබෙන ආර්ථිකය ගොඩ නැගීමට එතුමා කටයුතු කරනවා මේ රට බංකොලොත් භාවයට පත් කළේ එතුමා නෙමෙයිනේ එනිසා මේ ආර්ථික අවපාතයෙන් එලියට එන එක ලේසි කටයුත්තක් නෙමෙයි. මේ අවස්ථාවේ හොඳම දේ තමයි වියදම අඩු කරල ආදායම උපයන්න පුළුවන් නිර්මාණශීලී භාවයක් ඇති කළ යුතුයි. විශේෂයෙන් ම කළ යුත්තේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

– Media unit

Related posts

අලිනට පාර මාරුවෙන්න උමගක් හදාදෙයි..

Shiran Viraj

ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ

Shiran Viraj

ලක්‍ෂ දෙකක් මාසෙට මදි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ දීමනා තව වැඩි කරන්න..- කොරෝනා අස්සේ කිරිඇල්ල ඉල්ලයි..

Shiran Viraj