28.4 C
Colombo
July 8, 2026
NewsPolitical

තානාපති සේවයට තව පිරිස් ඉක්මනින් පත් කරන්න ඔ්නෑ..

‘පවතින පුරප්පාඩු සපුරාලීමට තානාපති සේවයට අලුතින් බඳවා ගැනීමට කටයුතු කරනවා’ යයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා පවසයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එක්වෙමින් ඔහු මෙසේ පැවසීය.

“අපේ විදේශ සේවයේ දී ඉතාම සීමාසහිත පිරිසක් එක්ක තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ. අපේ තානාපති සේවයේ රටවල් 55 ලෝකයේම ඉන්නෙ 168 දෙනයි. 264 දෙනෙකු අනුමත වෙලා තිබුණත් 2018 ඉඳලා අපිට බඳවා ගන්න බැරි වෙලා තියෙනවා.

බඳවා ගැනීමේ පටිපාටියක් දැන් තියෙනවා.හොඳම අය තෝරාගෙන මේ විදේශ සේවය ශක්තිමත් කිරීමට අපිට අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතනවා. ඊට පස්සෙ අපි ක්‍රමවේදයක් සකස් කරන්නට ඕනෙ හැම අවුරුද්දෙම යම් දක්ෂ නිලධාරීන් ප්‍රමාණයක් බඳවා ගන්න”

– Media unit

Related posts

හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේ

Shiran Viraj

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

Shiran Viraj

පලස්තීනයෙන්, යුක්‍රේනයෙන් ඉල්ලුවත් ශ‍්‍රමිකයන් යවනවා..

Shiran Viraj