30 C
Colombo
July 30, 2026
NewsPolitical

දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහ දෙනාගෙන් පස්දෙනෙක්ම දැන් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බව රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

විපක්ෂයේ සිටින්නේ එම සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පහක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා ඉදිරි මැතිවරණයේදී දෙමළ සන්ධානයට උතුරේ කිසිවක් කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ්ය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවනවට අකමැති විශේෂ හේතුවක් මෙන්න

Shiran Viraj

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් හෙරොයින් කිලෝ 7100ක් අල්ලයි..

Shiran Viraj

හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් මුදා හැරේ

Shiran Viraj