29.5 C
Colombo
June 3, 2026
Local NewsNews

විදුලි කප්පාදු වූවන්ට සහන රැසක්…

කර්මාන්ත ශේත්‍රයට සහ සමාජයට ඇතිවී තිබෙන පීඩනය සමනය කිරීම සඳහා වාරික පදනමෙන් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම මත මූලික අවස්ථාවේදී හිග ගාස්තුවෙන් 50% පමණක් අයකර ගනිමින් නැවත විදුලි සම්බන්ධතා ලබාදීමට කටයුතු කළයුතු බවට නිර්දේශ නිකුත් කල බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

විදුලි බිල ඉහළ යාම හමුවේ දිවයින පුරා මේවනවිට විදුලිය විසන්ධි කිරීම් ලක්ෂ 10 ඉක්මවා තිබේ.

කර්මාන්ත ශේත්‍රයට සහ සමාජයට ඇතිවි තිබෙන පීඩනය සමනය කිරීම සඳහා වාරිකය පදනමෙන් එලෙස හිඟ මුදල් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙසට මහජන උපයෝගීතා කොමිෂන් සභාවට නිර්දේශ නිකුත් කර තිබේ.

ස්ථාවර විදුලි සබඳතා ලබා ගැනීමේදී ගෙවීමට සිදුවන ඉහළ ගාස්තු හේතුවෙන් ශුද්‍ර ,සුළු සහ මූල්‍ය කර්මාන්ත ආරම්භ කිරීමට යොමුවන නව විවසායකයින් අධෛර්යයට ලක්වීම වැළැක්වීම සඳහා සසම්බන්ධතා ලබා ගැනීමේ ගාස්තුව ද වාරික වශයෙන් ගෙවීමට පාරිභෝගිකයාට ඉඩ සලසන ලෙස එහිදී නියෝග කර තිබේ.

නව සම්බන්ධතා ගාස්තුව සමාලෝචනය කර එය උපරිමයකින් අඩුකිරීමට කටයුතු කරන ලෙස ද නියෝග කර බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

Shiran Viraj

විශ්‍රාමික ඉහළ රාජ්‍ය නිලධාරීන්ට වාහන ආනයනයට අවසර දීම පිළිබඳ රජයේ අවධානය

Shiran Viraj

සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..

Shiran Viraj