25.4 C
Colombo
July 26, 2025
Local NewsNews

මන්ත‍්‍රීවරයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. කෝටි 25ක් වංචා කර රට පනින්න හදලා..

කැනඩාවට යවන බව පවසමින් විවිධ පුද්ගලයන් රැසකගෙන් කෝටි 25කට අධික මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු විදේශගත වීමට යාපනය ගුවන්තොටුපළ වෙත යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයන් විදේශ රටවලට යැවීමේ ඒජන්සියක් මොහු විසින් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ හරහා මෙම මුදල් වංචාව සිදුකර තිබේ.

ඉන්දියාව බලා යාමට යාපනයේ ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ පොලිසියට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

Related posts

ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

Shiran Viraj

පාවහන් හාන්සියි..

Shiran Viraj

හූති නිසා ලංකාවේ කල්ල මරේ.. කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති..

Shiran Viraj