28.9 C
Colombo
July 13, 2026
Local NewsNews

පාසලේ මැරතන් තරඟයේදී සිසුවකු බසයට යටවී මරුට..

යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේදී අද (01) උදෑසන ධාවනය වූ ලංගම බස්රථයකට පාපැදියක් යටවීමෙන් ඒහි ගමන්ගත් 18 හැවිරිදි උසස්පෙළ හදාරන සිසුවෙකු මිය ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය පවසයි.

චාවකච්චේරි හින්දු විද්‍යාලයේ වාර්ෂික මැරතන තරඟයට ක්‍රීඩාකරන තරඟකරුවන් දිරිගැන්වීම සඳහා මෙම සිසුවා සිය පාපැදියෙන් මාර්ගයේ ගමන්කරමින් සිටියදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීස් පරික්ෂණවලදී හෙලි වී ඇත.

අනතුරේදී බස්රථයේ වේගය රියුදුරුට පාලනය කරගැනීමට නොහැකිව අසල තලගසක වැදී බස්රථය නැවතී අතර අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය මීෂාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි උසස්පෙළ හදාරන සිසුවෙකු වූ එස්.ප්‍රනීදරන් බවට හඳුනාගෙන ඇත.

අනතුරින් පසුව ලංගම බස්රථයේ සිටි මගීණ් වෙනත් බස්රථයකින් ප්‍රවාහනය කොට අනතුරට පත් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට චාවකච්චේරි පොලීසිය වසීන් පියවර ගෙන ඇති අතරම අනතුර සම්බන්ධයෙන්ද වැඩිදුර පරික්ෂන සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී..

Shiran Viraj

මුව පිළිකා අවදානම තරුණ පරපුර අතර ඉහළට!

Shiran Viraj

ජනාධිපතිවරණයට සල්ලි වෙන් කරලා තියෙන්නේ..

Shiran Viraj