31.1 C
Colombo
June 9, 2025
News Political

මහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..

පාර්ලිමේන්තු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත්කිරීම එළඹෙන සිංහල අලුත් අවුරුද්දෙන් පසුව සිදුවීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ඇතැම් අමාත්‍යවරුන් ඉදිරි මැතිවරණ වලදී වත්මන් ජනාධිපතිවරයාට සහාය පළකරන්නේ යැයි පැවසුවද එය පොදුජන පෙරමුණේ බිම් මට්ටමේ මතය නොවන බවත් හෙතෙම කියා සිටී.

‘කැට තියලා කියනවා සිංහල අවුරුද්ද ඉවර වුණාට පස්සේ, මහ මැතිවරණයකට දින නියම වෙනවා. මහ මැතිවරණයෙන් පොහොට්ටු බහුතරය දිනාගන්නා බව අපට විශ්වාසයි.

අද බැසිල් මහත්තයා සුදානම් නායකත්වය දෙන්න අපේ පෙරමුණට. ඒක පිළිගන්න අය ආවේ. මන්ත්‍රීවරු 50කට වැඩි ප්‍රමාණයක් බැසිල් මහත්තයා පිළිගන්න ආවා. ඒකම හොඳ ආරම්භයක් නේ.

රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයෙන් ආවොත් ලක්ෂ දෙකහමාරට තව 50,000ක් එකතු වෙයි’

Related posts

අනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි..- හරිනි

Shiran Viraj

සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්

Shiran Viraj

ඥාණසාර හිමිට ජනපති පොදු සමාව දෙන්නැයි හිස්බුල්ලා ඉල්ලයි

Shiran Viraj