September 19, 2026
Local NewsNews

මත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…

මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දඬුවම් ලබාදීමට කටයුතු කළහොත් විපක්ෂය නායකයාට ඉතුරු වන්නේ මන්ත්‍රීන් කොපමණදැයි සිතාගත නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා පවසන ආකාරයට මිතුරන්ට හෝ හිතවතුන්ට මත්පැන් බලපත‍්‍ර ලබාදීමේ කිසිදු වැඩපිළිවෙලක් නැති බවද හෙතෙම කියා සිටියේය.

2008 වසරේදී ජනගහනයට සරිලන ලෙස මත්පැන් බලපත‍්‍ර නිකුත් කර ඇතත් ඉන් වසර 16කට පසු යලි ගණනය කළ යුතු බවද සඳහන් කළේය.

එසේම නීති විරෝධී මත්පැන් අඩාල කිරීමේ අරමුණින් මෙම නව ගණනය කිරීමට අනුව මත්පැන් බලපත්‍ර ලබාදීම සිදු කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

නාවලපිටිය – ගම්පොළ මාර්ගය සතියක් තුළ විවෘත කිරීමට යුද හමුදාපතිගෙන් සහතිකයක්

Shiran Viraj

මිහින්තලේ විදුලිය කපයි.. නොගෙවූ බිල 41 ලක්‍ෂයයි.. මිහින්තලා හිමි මාධ්‍ය කැදවා සුමධුර දම් දෙසුමක..

Shiran Viraj

මුහුද රළු විය හැකියි – ධීවර ප්‍රජවට සිහි කැඳවීමක්

Shiran Viraj