26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

22 වැනිදා ජයග‍්‍රහණය සමරන හැටි අනුර කියයි.

අනෙකාට නොරිදවා ජයග්‍රහණය සමරන්නේ කෙසේ දැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් 22 ඔප්පු කරන බවත්, ජයග්‍රහණයෙන් පසුව කිසිදු පුරවැසියෙකුට, ඡන්ද නොදුන් අයට නිය තුඩකින්වත් හානියක් වීමට ඉඩ ලබා නොදෙන බවට සහතිකයක් ලබාදෙන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජාතික ජනබලවේගය ජනරැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද කීය.

“මම හිතන්නේ හොඳට හෝ නරකට දේශපාලන වේදිකාවේ ආගම් පිළිබඳව සාකච්ඡාවට ගත යුතු නැහැ. නමුත් මේ පාලක කණ්ඩායම්වල ප්‍රයත්නය වී තිබෙන්නේ නැවත නැවත වේදිකාවට ආගම් පිළිබඳ ප්‍රශ්නය ඇදගෙන චීන එක.

ඒ නිසා අපි උත්තර දෙනවා මිසක් අපි බුදුදහම හෝ ක්‍රිස්තියානි දහම හෝ ඉස්ලාම් දහම හෝ හින්දු දහම හෝ මේ කිසිවක් අපේ වේදිකාවේ ඡන්ද එකතු කර ගැනීම සඳහා හෝ අනෙකාට විවේචන එල්ල කිරීම සඳහා හෝ අපි කතාබහට ලක් කරන්නේ නැහැ.

ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ ඒවා දේශපාලන වේදිකාවට නොගෙන ඉන්න ප්‍රමාණයටයි; දේශපාලනය හා පටලවා නොගන්නා ප්‍රමාණයටයි. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ දේශපාලන වේදිකාවේ එය සටන් පාඨයක් ලෙස අලෙවි නොකරන තාක් කල්.

නමුත් අද බෞද්ධාගමටත් සෙසු ආගම්වලටත් කරන්න පුළුවන් නිගරුව තමයි දේශපාලන වේදිකාවල නැවත පටන් අරන් තිබෙන මේ දහම පිළිබඳ කතිකාව.

අපි භාවිතයෙනුත්, අධ්‍යයනයෙනුත් ආගම් පිළිබඳව අපේ ස්ථාවරය ඉතා හොඳින් පැහැදිලි කර තිබෙනවා.

දැන් ඊළඟට සමාජය ඇතුළේ බියක් හදන්න උත්සාහ ගන්නවා. අපි දිනුවහම 22 දා කලබල ඇති වෙයිලු. ගැටුම් ඇතිවෙයිලු. අපි එහෙම කුමන්ත්‍රණයක ඉන්නවාලු. නැහැ.

ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් 22 ඔප්පු කරන්නම් අනෙකාට රිදවන්නේ නැතිව, ජයග්‍රහණය සමරන්නෙ කොහොමද, කියලා.”

– නවෝද්‍යා පවනි

Related posts

රජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයි

Shiran Viraj

ජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ.. ඉන්දිය ණයෙන් තවත් නැවු දෙකක් පමණයි…

Shiran Viraj

බස්නාහිර ආණ්ඩුකාරගෙ සමාගම පොල් රට පටවා ඩොලර් ඩුබායිවල හංගනවා.. පොල් හිගයට හේතුව එයයි..- විමල්

Shiran Viraj