27.8 C
Colombo
August 7, 2026
NewsPolitical

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවුරුදු පහක් තබා මාස පහක්වත් මේ රට ගෙනයා හැකි යයි තමන් විශ්වාස නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එළඹෙන මාර්තු මාසය පමණ වන විට මේ රට ගිනි ගොඩක් බවට පත්වනු ඇති බවද හෙතෙම කියා සිටී.

වර්තමාන ආණ්ඩුව ගත වූ කාලය තුළදී පමණක් රුපියල් ට‍්‍රිලියනය ඉක්මවා දේශීය ණය ලබාගෙන ඇති බවද පැවසූ ඔහු එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ ආණ්ඩුවක් මෙතරම් කාලයකදී ලබාගත් වැඩිම ණය මුදල බවද පැවසුවේය.

එම ණයවලින් භාණ්ඩ මිල පාලනය කරගෙන ඇතත් නියම ඡන්ද ප්‍රතිඵල එන්නේ මෙම මහ මැතිවරණයෙන් පසු ටික දිනකින් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක්‌ විමසලා; කැටපොළේදී පොලිස්‌ ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා

Shiran Viraj

මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..

Shiran Viraj

දැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ ප්‍රවීණ කලා ශිල්පි රොඩ්නි වර්ණකුල

Shiran Viraj