31.1 C
Colombo
June 2, 2026
NewsPolitical

වර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්

පසුගිය කාලයදි වර්තමාන ආණ්ඩුව ගත්ත පියවරත් එක්ක රටක් ලෙස හිස ඔසවන බව Fitch Rating වැනි ආයතන පවසමින් සිටින බව ඇමති බිමල් රත්නායක මහතා පවසයි.

කොලඹදී උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

“ලංකාව අවුරුදු දෙක හමාරකට පස්සේ 2022 අප්‍රේල් මාසයෙන් පස්සේ අද ලෝකයේ තිබෙන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන Fitch Rating ඒ වගේ ආයතන වාර්තා කරමින් ඉන්නවා ලංකාව බංකොලොත් භාවයෙන් මිදිලා අපේ අර රේටින් කැටගරි එක අවුරුදු දෙකහමාරකට පස්සේ CCC+ කියන තත්ත්වයට ගෙනියන්න ඔවුන් ගෙනියන්න ඔවුන් සූදානමින් ඉන්න බව.

ඒ කියන්නේ අවුරුදු දෙක හමාරක්ම අපි හිටියේ බංකොලොත් කියන නාමකරන යටතේ.

ඒ නිසා දැන් පසුගිය කාලයදි වර්තමාන ආණ්ඩුව ගත්ත පියවරත් එක්ක අපි යම් හුස්මක් ගන්න පුළුවන් තැනකට පත්වෙමින් තිබෙනවා කියන එක ඒ ආයතන කියන්න හදනවා.

නමුත් ඒ බංකොලොත් කියන එකෙන් පොඩ්ඩක් උඩට එන්න හදනවා කියලා ලෝකයේ අදාළ සංවිධාන විසින් පිළිගන්න යනවාත. මම හිතන්නේ ඒක නිල වශයෙන් එතුමලා ඒක ප‍්‍රකාශයට පත් කරාවි.

එක පැත්තකින් අපිට යම් සුබ ආරංචියක් අපි රටක් වශයෙන් චුට්ටක් ඔළුව උස්සන්න පටන් අරන් තියෙනවා කියලා ලෝකෙන් පිළිගන්වා”

Related posts

මාලිගේ සහ කසුන්ගේ සහයෙන් මරාතා කණ්ඩායම ජයග්‍රහණය කරා යයි

Shiran Viraj

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඇමරිකාවෙන් අස්වී එයි.. ජනාධිපති උපදේශක වෙයි..

Shiran Viraj

අගමැතිට අගරදගුරුගේ දැඩි විරෝධය.. පාප් වහන්සේත් රවටා පාස්කු බෝම්බ සත්‍ය සගවනවා කියමින් මාධ්‍ය හමුවක්…

Shiran Viraj