August 1, 2026
Local NewsNews

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලීසියේ තිදෙනෙක් මාරු කරයි..

කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට සම්බන්ධ අතුරුගිරිය පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර ඇත.

ඒ එම සිද්ධිය සම්බන්දයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවයි.

එම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මාරු කර ඇත.

අභාවප්‍රාප්ත කලාකාරු ජැක්සන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර ගීනටිගල මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරමින් සදහන් කලේ තමන් අනීතිකව අත්අඩංගුවට ගෙන රදවා තබා ගනිමින් ශාරීරික හිංසා සිදු කරන ලද බවයි.

Related posts

රණවිරු ස්මාරක කුළුණු කැලෑ වැදී වල් බිහිවෙයි

Shiran Viraj

රජය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ගැන අගමැති කියයි..

Shiran Viraj

මැර පිරිසක් ලංගම බසයට පැන රියදුරුට, කොන්දොස්තරට ගුටි අනි..

Shiran Viraj