26.1 C
Colombo
September 20, 2026
Local NewsNews

විදුලිය වැදී නොරචෝලය තිදෙනෙක් මරුට..

නොරචෝලය පොලිස් වසමේ මාම්පුරිය ප්‍රදේශයේදී, විදුලි සැර වැදීමක් හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනෙකු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවට නොරචෝලය පොලිසියට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.

මරණකරුවන් අවුරුදු 16, 22 හා 29 වයස්වල ‌පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මාම්පුරිය ප්‍රදේශයේ පිහිටි අලුතින් ඉදි කරමින් පවතින උත්සව ශාලා ගොඩනැගිල්ලක සේවකයන් පිරිසක් යකඩ පලංචියක් මත ඉදිකිරීම් කටයුතු කරමින් සිටියදී විදුලිය ලබා ගන්නා ලද විදුලි රැහැනකින් යකඩ පලංචියට විදුලිය කාන්දුවීමෙන් මෙම විදුලි සැර වැදී ඇති බවට පොලිසිය සිදුකළ විර්මශනයේදී අනාවරණය වී ඇත.

නොරචෝලය පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

Related posts

ෆොන්සේකා ලොකු තනතුරකටද..?

Shiran Viraj

මුහුදට දියනාන්න ගිය තරුණයින් තිදෙනෙකු ගසාගෙන යයි.. අයෙකු මරුට… දෙදෙනෙක් අතුරුදහන්…

Shiran Viraj

අගමැති රනිල්ගෙන් සජිත්ට පුදුම කරවන ලිපියක්…

Shiran Viraj