February 25, 2026
Local NewsNews

පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කල යුතුයි..- අගරදගුරු

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් කියා සිටිති.

හැකි ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවද අගරදගුරුතුමන් කියා සිටියේ හැත්තෑ හත් වන නිදහස් දිනය සැමරීම සඳහා පැවති විශේෂ දේව මෙහෙය අමතමිනි.

ශ්‍රී ලංකාවේ ජනතාවට සැබෑ නිදහස ගෙන දෙන දැවැන්ත දේශපාලන, ආර්ථික සහ නීතිමය ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතු බවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අහෝසි කිරීම සහ රාජ්‍ය නායකයා බලය සහ වරප්‍රසාද භුක්ති විඳීමට වඩා ජනතාවට සේවය කිරීමට මඟ පෙන්වන නව නීති සම්පාදනය අවශ්‍ය බවත් එතුමන් පැවසූහ.

‘වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කළ යුතුයි. රාජ්‍ය නායකයා බලය සහ වරප්‍රසාද භුක්ති නොවිඳ ජාතියට සේවය කිරීමට නීත්‍යානුකූලව බැඳී සිටින නව නීති සම්පාදනයක් හඳුන්වා දිය යුතුය’

Related posts

මන්ත‍්‍රිලාට වාහන හෝ බලපත‍්‍ර නෑ.. රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්..

Shiran Viraj

අපි රට බාර ගත්තේ හාල් ඇටයක්වත් නැතිව..- මාලිමා මන්ත‍්‍රීනී

Shiran Viraj

පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj