26.1 C
Colombo
September 17, 2026
Local NewsNews

අරගල කාලේ ගිය ආණ්ඩුවේ අය තමන්ම නිවාස ගිනි තියාගෙන වන්දි ගත්තා..

වික්‍රමසිංහ රාජපක්ෂලාගේ වන්දි මංකොල්ලය සම්බන්ධයෙන් රටට තොරතුරු හෙලි කිරිම සම්බන්ධයෙන් රජයට ස්තුතිය පුද කරන බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති මාධ්‍ය හමුවකදිය.

මෙහිදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ

දැන් අපි දකිනවා වික්‍රමසිංහ රාජපක්ෂලාගේ වන්දි මුදල් මංකොල්ලය, අපි රජයට ස්තුතිය පුද කරනවා වන්දි මංකොල්ලයට සම්බන්ධ අයගේ නම් ප්‍රසිද්ධ කිරිම සම්බන්ධයෙන්,

ලංකාවේ බෙහෙත් ජාවාරම්කාර කෙහෙලිය රඹුක්වැල්ල කොටි 9 කට ආසන්න මුදලක් මංකොල්ල කලා, ඒ වගේ 43 දෙනෙක් මහජනතාවගේ මුදල් මංකොල්ල කලා තියෙනවා වන්දි නමින්,

අපි රජයට කියනවා මේ මුදල් ලබාදිම සම්බන්ධයෙන් වහාම විමර්ෂණයක් ආරම්භ කරන්න, මොන පදනම යටතේද මුදල් ලබාදිම සිදුකලේ?

පෙට්‍රල් භුමිතෙල් ලිටරයක් තිබුණේ නැති රටක කොහොමද මේ සුවිශාල නිවාස ගිනිබත් වුණේ? මේවා ගැන සොයන්න, කෝ රස පරික්ෂක වාර්තා?

වික්‍රමසිංහ රාජපක්ෂලා සැලසුම් කලේ නිවාස ගිනි තියාගෙන අරගලකරුවන් දඩයම් කරන්න,

සමහර නිවාස වල ජනේලය විතරයි කැඩිලා තියෙන්නේ කෝටියක වන්දි ඉල්ලලා, අපි රජයට කියන්නේ වන්දි ලෙස මංකොල්ල කාපු මුදල් ආපසු රජයට ලබාගන්න යනුවෙන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනා

Shiran Viraj

‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…

Shiran Viraj

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා නිවාස ගැටලු විසඳීමට ජනවාරි මාසය තුළ වැඩපිළිවෙළක්

Shiran Viraj