26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

වෛද්‍යවරිය දුෂන සැකකරුට පොලිසියෙන් නැගිටගන්න බැරිවෙන්න පහර දීලා..

තමනට පොලිස් නිලධාරීන් තදබල ලෙස පහට දුන්නේ යයිඅනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කල බවට අත්අඩංගුයට ගන්නා ලද සැකකරු අධිකරණයේදී පවසා තිබේ.

ඒ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවට ඉදිරිපත් කෙරුනු අවස්ථාවේදීය.

දෙකට නැවී යම් අපහසුතාවයකින් සිටින්නේ ඇයිදැයි සැකකරුගෙන් මහේස්ත්‍රාත්වරයා ප‍්‍රශ්ණ කර ඇති අතර කෙලින් සිටගන්නා ලෙසද සැකකරුට දන්වා ඇත.

එහිදී සැකකරු පවසා ඇත්තේ තමාට පොලිසියෙන් තදබල ලෙස පහර දුන් නිසා තමා අපහසුවෙන් සිටින බවය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙසයි.

සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් අධිකරණය පොලිසියට අවසර දී ඇත.

Related posts

පාසල් නිල ඇඳුම් වවුචර් වෙනුවට යළිත් රෙදි දෙන ලකුණු

Shiran Viraj

රාජ්‍ය ඇමති අහසට වෙඩි තබයි…

Shiran Viraj

තනි රෝදෙන් බයික් පැද්දාට එක්ලක්‍ෂ තිස්දාහක දඩයක්.. රියදුරු බලපත් කැන්සල්…

Shiran Viraj