28.9 C
Colombo
September 19, 2026
Local NewsNews

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයෙන් ශ්‍රී ලංකන් වංචා විමර්ශනයට විශේෂ කමිටුවක්

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම්වල 2000 සිට සිදු වූ බවට වාර්තා වන වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.

ඊයේ (ජූලි 22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම කමිටුව සමග සාකච්ඡා කළ ජනාධිපතිවරයා, අදාළ ආයතන අකර්මණ්‍ය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙවැනි සිදුවීම් පිළිබඳව නිසි විමර්ශනයක් සිදු නොවීම බව අවධාරණය කළා. ඒ අනුව, ඉදිරිපත්ව ඇති සියලු කරුණු අධ්‍යයනය කරමින් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසත්, මෙම තත්ත්ව නිවැරදි කිරීමට සහ අනාගතයේදී එවැනි දෑ නැවත සිදු වීම වැළැක්වීමට අවශ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඔහු කමිටුවට උපදෙස් දුන්නා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් කමිටුවේ කැඳවුම්කරු සහ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි පිරිනැමීම ඊයේ පස්වරුවේ සිදුවුණා.

කමිටු සංයුතිය:

  • ලේකම් / කැඳවුම්කරු: ජනාධිපති අතිරේක ලේකම් කේ.එන්.එම්. කුමාරසිංහ
  • සාමාජිකයින්: විශ්‍රාමික විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ, විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඥානසිරි සේනානායක, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති දුෂාන්ත බස්නායක, නීතිඥ දොන් චමින්ද ජේ. අතුකෝරල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එන්.ඒ.එච්. කේ. විජේරත්න.

මෙම කමිටුව 2000 වසරේ සිට 2025 දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම්වල සිදු වූ බව කියන විවිධ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරනු ඇත. J.C. වැලිඅමුණ කමිටු වාර්තාව සහ විගණකාධිපතිවරයාගේ විශේෂ විමර්ශන වාර්තාව මගින් අනාවරණය වූ කරුණුද මෙහිදී සැලකිල්ලට ගනු ඇති.

Related posts

සජබ ලයිස්තුවෙන් මද්දුම බණ්ඩාර කලින්ම පනී..

Shiran Viraj

සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..

Shiran Viraj

මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..

Shiran Viraj