July 1, 2026
NewsPolitical

මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින වරෙන්තු නියෝග නිකුත් කරන ලදී. ඒ මහතාට එරෙහිව පවතින නඩුවක් අද දින විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම මෙම නියෝගයට හේතු වී තිබේ.

රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති අතර, මීට පෙර එම චෝදනාවට අදාළව ඔහු ඇප මත මුදා හැර සිටියේය. කෙසේ වෙතත්, අද දින ඔහු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

Related posts

CD ඊයේ සිට ගෙදර.. පොලිස්පතිවරයෙක් නෑ…

Shiran Viraj

පෙනෙනවාට වඩා විනාශය විශාලයි; භාණ්ඩාගාරයෙන් පමණක් ගොඩ දාන්න බෑ – ජනපති

Shiran Viraj

ජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…

Shiran Viraj