27.8 C
Colombo
July 13, 2026
Local NewsNews

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය හරහා ජාතිවාදය පැතිරවීමේ අවදානමක් ඇති බවට උවිඳු කුරුකුළසූරියගෙන් විවේචනයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය සම්බන්ධයෙන් තවත් බරපතළ ගැටලුවක් මතු වී ඇති බව මාධ්‍යවේදී උවිඳු කුරුකුළසූරිය මහතා පෙන්වා දෙයි. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, අදාළ මොඩියුලය තුළ විවිධ ජාතීන් පිළිබඳව දක්වා ඇති කරුණු හරහා වාර්ගික ඒකාකෘතිකරණය (Stereotyping) සහ ජාතිවාදය පැතිරවීමක් සිදුවන බවයි.

විශේෂයෙන්ම නයිජීරියානු දරුවෙකු සහ අනෙකුත් ජාතීන්ට අයත් දරුවන් විස්තර කර ඇති ආකාරය පිළිබඳව ලොකු සාකච්ඡාවක් නිර්මාණය වී ඇති බව ඔහු පවසයි. මෙය මීට පෙර මතු වූ වෙබ් අඩවි සබැඳිය පිළිබඳ ගැටලුවට වඩා එහා ගිය තත්ත්වයක් බවත්, මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පසුපස යාමෙන් පලක් නොවන අතර සම්පූර්ණ පොතම ඉවත් කිරීමට සිදුවන බවත් ඔහු අවධාරණය කරයි.

ලෝකයේ අනෙකුත් රටවල්, උදාහරණයක් ලෙස එංගලන්තය වැනි රටවල්, දරුවන් තුළ පවතින ජාතිවාදී අදහස් දුරු කිරීම සඳහා විධිමත් අධ්‍යාපන ක්‍රමවේද අනුගමනය කරන බවත්, මෙවැනි වැරදි අදහස් පෙළපොත් හරහා දරුවන් තුළ පැළපදියම් කිරීම දරුණු පිළිලයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තමන් විමසිල්ලෙන් පසුවන බවද ඔහු සිය සටහන මගින් පවසා ඇත.

Related posts

ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..

Shiran Viraj

කඩුලු 8ක ජයක් නවසීලන්තයට

Shiran Viraj

රනිල් ජනාධිපති වූයේ අරගලයට පිං සිද්ද වෙන්නයි..- දමිතා

Shiran Viraj