28.5 C
Colombo
May 20, 2026
NewsPolitical

අධ්‍යාපන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍යවරිය වහාම ඉල්ලා අස්විය යුතු බව උදය ගම්මන්පිල පවසයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අධ්‍යාපන විෂය මාලාවට අලුතින් එක් කළ කරුණු පිළිබඳව සමාජය තුළ බරපතල සැකයක් මතුව ඇති බවත්, අග්‍රාමාත්‍යවරිය දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය නොවන සංවිධාන හරහා සමරිසි අයිතිවාසිකම් ප්‍රවර්ධනය කළ අයෙකු බැවින් එම සැකය ඇය වෙත එල්ල වීම සාධාරණ බවත් හෙතෙම පෙන්වා දෙයි.

විෂයභාර අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ධුරයේ රැඳී සිටින තාක් කල්, මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන කිසිදු පරීක්ෂණයක් සාධාරණ සහ ස්වාධීන වනු ඇතැයි සමාජය විශ්වාස නොකරන බව ගම්මන්පිල මහතා අවධාරණය කරයි. දියුණු රටවල මෙවැනි තත්ත්වයකදී විෂයභාර අමාත්‍යවරයා වගකීම භාරගෙන ඉල්ලා අස්වන බව පෙන්වා දෙන ඔහු, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සහ විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඇය සිය ධුරයෙන් ඉවත් විය යුතුම බව සඳහන් කළේය. දරුවන්ගේ සිත් තලා දැමීමේ මෙම ක්‍රියාවලියට එරෙහිව මහා සංඝරත්නය මැදිහත් වීම ද මෙහිදී අගය කළ යුතු බව ඔහු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන මූලික පරීක්ෂණ වාර්තාව මේ වන විට රජයට ලැබී තිබුණද, එය “අභ්‍යන්තර වාර්තාවක්” ලෙස හඳුන්වමින් මහජනතාවගෙන් සඟවාගෙන සිටින බවට ද හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය. සැබෑ චුදිතයා කවුදැයි හෙළි කර අග්‍රාමාත්‍යවරිය නිවැරදි නම් ඇයව නිදහස් කිරීමට කටයුතු නොකර, වාර්තාව සැඟවීමට උත්සාහ කිරීම තුළින් ඇය වැරදිකරු වී ඇති බවට ඕනෑම අයෙකුට සාධාරණ සැකයක් මතු වන බව ද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයි

Shiran Viraj

විපක්ෂ නායක සජිත්ගෙන් දිස්ත‍්‍රික්කයකට චෛත්‍ය 66ක්.. ආසනයකට 09ක්…

Shiran Viraj

අනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි CIDයට කියයි..

Shiran Viraj