31.7 C
Colombo
July 9, 2026
Local NewsNews

හිඟ බදු මුදල් නොගෙවීම නිසා නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15ක් මුද්‍රා තබයි

2010 වසරේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ඉදිකරන ලද නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15 ක් මුද්‍රා තැබීමට නාවලපිටිය නගර සභාව පියවර ගෙන ඇත. කඩ කාමර 187 කින් සමන්විත මෙම සංකීර්ණය ආරම්භයේදී මසකට රුපියල් 1,000 ක කුලී පදනම මත ව්‍යාපාරිකයන්ට ලබා දී තිබුණි. කෙසේ වෙතත්, 2018 වසරේදී මධ්‍යම පළාත් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සිදු කළ නව තක්සේරුවකදී එක් වෙළඳසැලක මාසික කුලිය රුපියල් 8,000 ක් දක්වා ඉහළ දැමීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය වී තිබේ.

අදාළ තක්සේරු මුදල වැඩි බව පවසමින් ව්‍යාපාරිකයන් විසින් හිඟ බදු මුදල් ගෙවීම පැහැර හරින ලද අතර, ඔවුන් මේ සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහා අධිකරණය හමුවේ නඩුවක් ද පවරා තිබුණි. එහෙත් එම නඩුව නිෂ්ප්‍රභ කළ මහේස්ත්‍රාත්වරයා, හිඟ බදු මුදල් නගර සභාව වෙත ගෙවන ලෙස ව්‍යාපාරිකයන්ට නියෝග කර තිබුණි. නගර සභාව වෙත ලැබිය යුතු රුපියල් ලක්ෂ 150 ක පමණ හිඟ මුදල් ගෙවන ලෙස අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබුණද, එය දිගින් දිගටම පැහැර හැරීම හේතුවෙන් මධ්‍යම පළාත් ලේකම්වරියගේ නියෝගයක් මත මෙම මුද්‍රා තැබීම සිදු විය.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඇතැම් ව්‍යාපාරිකයන් රුපියල් ලක්ෂ 100 ක පමණ හිඟ බදු මුදල් ගෙවීමට පියවර ගත් බව මධ්‍යම පළාත් සභාවේ ආදායම් පරීක්ෂක ආර්.එම්. රත්නායක මහතා ප්‍රකාශ කළේය. එසේ මුදල් ගෙවීමට අපොහොසත් වූ වෙළඳසැල් 15 ක් නාවලපිටිය පොලිසියේ සහයෝගය ඇතිව මෙලෙස මුද්‍රා තබා නගර සභාවේ භාරයට ගෙන ඇත. රජයේ දේපළවලින් ලැබිය යුතු ආදායම් නිසි පරිදි ලබාගැනීම තහවුරු කිරීම සඳහා මෙම දැඩි පියවර ගත් බව බලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

Related posts

සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…

Shiran Viraj

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර පොලිසියේ සහ STF සාමාජිකයින් 39ක්

Shiran Viraj

ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු

Shiran Viraj