26.7 C
Colombo
September 18, 2026
Local NewsNewsSportsSports News

විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි

පසුගිය කාල වකවානුව තුළ ක්‍රීඩා කළ තණතීරු පිළිබඳව ගැටලු පැවති බවත්, ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවන්ගේ දක්ෂතා සහ ස්ට්‍රයික් රේට් (Strike Rate) අගයන් ධනාත්මක ලෙස වෙනස් වනු ඇති බවත් විස්සයි20 නායක දසුන් ශානක අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම දිගින් දිගටම පැවති ගැටලුවක් වුවද, ඊට තණතීරුවල ස්වභාවය ද බෙහෙවින් බලපෑ බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ලෝක කුසලාන තරගාවලි සඳහා තණතීරුවල තිබිය යුතු තණකොළ ප්‍රමාණය පිළිබඳ නිශ්චිත මිලිමීටර් මට්ටම් ලබා දී ඇති බැවින්, පන්දුව හොඳින් පිත්තට ඇදී එන තණතීරු ලැබෙනු ඇතැයි නායකයා අපේක්ෂා කරයි. අධික ලෙස පන්දුව දඟකැවෙන හෝ මන්දගාමී තණතීරුවල පිතිකරුවන්ට තම සැබෑ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අපහසු බවත්, ඉන්දියාවේ පවතින උසස් තත්ත්වයේ තණතීරු පිතිකරුවන්ට බෙහෙවින් වාසිදායක වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය මත ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිය ලකුණු සංඛ්‍යාවන් සහ දක්ෂතාවන් ඔප්නැංවීමට ලැබෙන කදිම අවස්ථාවක් වනු ඇති බවට දසුන් ශානක විශ්වාසය පළ කළේය. පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද සාධාරණ ලෙස සහය දක්වන මෙවැනි තණතීරු හමුවේ කණ්ඩායමේ සමස්ත ක්‍රීඩා විලාසය වෙනස් වනු ඇති බව ඔහුගේ අදහසයි.

Related posts

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්.. ‘එක තීරයක් එක මාවතක්’ සංකල්පය නව සේද මාවත ලෙස බාර ගන්නවා..

Shiran Viraj

මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…

Shiran Viraj

විදුලි සංදේශ බදු සහන තවමත් අන්තර්ජාල ගාස්තුවලට ලැබි නෑ…

Shiran Viraj