24.1 C
Colombo
February 21, 2026
Local NewsNewsPolitical

ගම්පහ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභිකයන් පිරිසක් විසින් සිදු කර ඇති බව කියන බරපතළ මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා එම සභාවේ විපක්ෂ කණ්ඩායම බලධාරීන් වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. සමගි ජන බලවේගය නියෝජනය කරන ඇන්ටන් චමින්ද, බොනිපස් කුමාරපේලි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පැමිණිල්ල බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ.

මෙම පැමිණිල්ල ප්‍රධාන කරුණු තුනක් යටතේ ඉදිරිපත් කර ඇත. පසුගිය ආපදා සමයේ මාර්ගවලට කඩාවැටුණු ගස් ඉවත් කිරීම සඳහා සභාවේ සේවකයන් සහ පොලිසියේ සහාය ලබාගත හැකිව තිබියදී, බාහිර පෞද්ගලික පාර්ශ්වයන් යොදාගනිමින් අක්‍රමික ලෙස මුදල් ගෙවා ඇති බවට එහි සඳහන් වේ. මෙය 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 219 වගන්තිය උල්ලංඝනය කිරීමක් බව ද විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දෙති.

එමෙන්ම ජේ.සී.බී. (JCB) සහ බැකෝ යන්ත්‍ර ලබාගැනීමේදී දිස්ත්‍රික් මිල ගණන්වලට වඩා වැඩි මුදලක් ගෙවා ඇති බවටත්, මියගිය කුකුළන් වළ දැමීම වැනි කාර්යයන් සඳහා අදාළ යන්ත්‍ර හිමිකරුවන්ට මුදල් නොගෙවා සභිකයන්ගේ පෞද්ගලික නමට ගෙවීම් අනුමත කරවාගෙන ඇති බවටත් චෝදනා එල්ල වේ. මෙම මූල්‍ය අවභාවිතය පිළිබඳව ගම්පහ ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.ඒ.එන්.පී. සුරවීර මහත්මියගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කර ඇත්තේ අදාළ සියලු ගෙවීම් සිදුව ඇති බව තහවුරු වී ඇති බවයි.

Related posts

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

Shiran Viraj

එජාපයට එන පිරිස ගැන නවීන් කියයි.. මල්ලිත් කැරකෙනවාලු..

Shiran Viraj

ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..

Shiran Viraj