28.4 C
Colombo
June 9, 2025
International News News

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමුවී ඇති බවත් එය පවතින දේශපාලන අර්බුධය ගැඹුරු කිරීමක් බව ප්‍රකාශ කර සිටිනවා. අපගේ හවුලකාර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රියාවලියන්ට ගරු කරමින් එහි ස්ථාවරය හා සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාවේ කටයුතු සම්බන්ධයෙන් වන කාර්යාංශය සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

මේ අතර කැනඩාවද මෙරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකර සිටින බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්දියාවට මොනව හරි දෙන්න ඕනෙම නම්; පාර්ලිමේන්තුව, අරලියගහ මන්දිරය දෙන්න. නැගෙනහිර පර්යන්තය ඉතුරු කරන්න!!!

Shiran Viraj

පොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්න

Shiran Viraj

අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්

Shiran Viraj