April 7, 2026
NewsPolitical

කොටි සලකුණු කිසිවක් නෑ..හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි..

යාපනය කෝපායි 51 වන යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේදී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පලාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුලු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය.

කෝපායිහි පිහිටි මහවිරු සැමරුම සිදු කරන ස්ථානයේ අලංකාර කරන ලද කොඩිවැල් වලින් සරසා තිබුනු අතර එම ස්ථානයට පැමිණි සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් මහවිරු සැමරුම සිහිපත් කොට යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කොට ඔවුන්ගේ අත්මයන්ට සෙත් පතා පහන් දැල්වීම සිදු කරනු ලැබීය.

මේ අතර අදාල මහවිරු සැමරුම් නීති විරෝධී අයුරින් කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයෙකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේනම් නීතිය ක්‍රියාත්මක කිරීමට යාපනය පොලීසිය හා යුද හමුදා නිලධාරීන් විසින් පරික්ෂාවන්හි නිරත වූහ.

කෙසේ වෙතත් ඊයේ දින එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් යාපනය වැල්වැටිතුරෙයි පදේශයේදී අත්අඩංගුවට ගෙන අවවාද කොට මුදාහැරියේ කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට ගිය අවස්ථාවේදීය.

අද දිනයේදී යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න ප්‍රමාණයක් සංවිධානය කොට ඇති අතර එම සැමරුම් පවතින ස්ථාන වෙතට පොලිස් නිලධාරීන් යෙදවීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත්තේ යාපනය අධිකරණ තහනම් නියෝගයට අනුව කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයෙකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේනම් නීතිය ක්‍රියාත්මක කිරීමටය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පොහොට්ටු අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි.. විශාල පිරිසක් සමග විපක්‍ෂයට..

Shiran Viraj

සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..

Shiran Viraj

කිරිපිටි ආනයනය නවතයි…

Shiran Viraj