30 C
Colombo
April 10, 2026
NewsPolitical

මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ- ජනපති යලිත් කියයි..

කිසිසේත්ම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස නැවත වතාවක් පත් නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යලි අවධාරණය කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමෙන් පසු පැවති සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් ජනාධිපති කාර්යාල ප‍්‍රකාශකයෙකු සදහන් කලේ ජනාධිපතිවරයා එවන් ප‍්‍රකාශයක් සිදු නොකල බවයි.

අධිකරණය තීන්දුවට ගරු කරමින් ඉදිරියේදී බහුතරය ඇති නව රජයක් පිහිටුවිමට තමත් කටයුතු කරන බවද ජනාදිපතිවරයා එහිදි සදහන් කර තිබේ.

තමන් ගඩාෆි මෙන් මහ පාරේ ඇදගෙන ගියද වංචාව දුෂණය වෙනුවෙන් ආරම්භ කල සටන ජනාධිපතිවරයා ලෙදස තව දුරටත් ඉදිරියට කරගෙන යන බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..

Shiran Viraj

මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..

Shiran Viraj

ජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයි

Shiran Viraj