31.1 C
Colombo
June 9, 2025
News Political

මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ගේ පොලොන්නරු වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉදලා.. කතාවත් සූදානම් කරලා..- මහාචාර්යවරයා හෙලි කරයි..

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට තීරණය කර තිබූ බව මෛත්‍රිපාල සිරිසේන මහතාට හිතවාදී ලෙස කටයුතු කල මහාචාර්යවරයෙකු සඳහන් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ පැවති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩ බිමට සූදානමින් සිටි බවයි.

එහිදී කළ යුතු කතාව සාරාංශ කොට ලියා දෙන ලෙස ද තමන්ට දන්වා සිටි බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

නමුත් තමන් එම ඉල්ලීම කාරුණිකව ප‍්‍රතික්‍ෂෙප කල බවත් සිරිසේන මහතාගේ තීරණයට විරෝධය පෑ බවත් ඔහු සදහන් කර ඇත.

අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතා එම වේදිකාවට ගොඩ නොවූ බවත් ඔහු සඳහන් කරයි.

මෙම මහාචාර්යවරයා පසුගිය රජයේ ඉහල තනතුරක්ද දැරූවෙකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..

Shiran Viraj

විදුලි සැර වැදී කූපර් පොලිස් දිවියට සමුදෙයි

Shiran Viraj

කදුකර කොටියෙකු මන්ද කඩාගෙන විත් ගසක සිරවී මිය යයි..

Shiran Viraj