26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සිය රට වැසියන්ට, එළඹෙන උත්සව සමයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සංචාරක ස්ථාන, ප‍්‍රවාහන මධ්‍යස්ථාන, වෙළද පොල, සාප්පු සංකීර්ණ, හෝටල් සහ සමාජශාලා ආශි‍්‍රතව ගැවසීමේදී අවදානයෙන් පසුවන ලෙසටයි එමගින් දක්වා ඇත්තේ.

මීට අමතරව පූජනීය ස්ථාන, ප‍්‍රධාන කී‍්‍රි‍්‍රඩා හා සංස්කෘතික උත්සව මෙන්ම අධ්‍යාපනික ආයතනද මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස නිකුත් කර ඇත්තේ අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කරන දෙවන මට්ටමේ සංචාරක උපදේශන සිහිකැඳවීමක් බවයි එමගින් ප‍්‍රකාශ කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මහවැලි සංවර්ධනය ගැන කියන්න ජනාධිපති වෙන්කර ගත් මිලියන 200 ගියේ කොතැනටද..

Shiran Viraj

ස්ටාලින් රිමාන්ඩ්…

Shiran Viraj

නිම නොවන කොවිඩ් රැල්ල – රට පුරා හමු වූ ආසාදිතයෝ

Shiran Viraj