February 2, 2026
Local NewsNews

බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ…

ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාමට පමණක් විවෘත වන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේග බස්නාහිර පළාත තුළ නිරේධායන ඇදිරිනීතිය පැවතියද 2020.11.04 වන දා සිට තොග වෙළදාම් සඳහා මෙම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදිල ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාගේ සභාපති බැසිල් රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී මෙම තීරණ වලට එළඹි බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේග ඒ අනුව රත්මලානල නාරාහේන්පිටල බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථානවල සේවකයන් හෙට 2020.11.03 වන දින PCR පරීක්ෂණ වලට ලක්කොට එම මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම ආර්ථික මධ්‍යස්ථාන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඇතුලු නිලධාරීන්ගේ නිරීක්ෂණයට අද ලක් වුණාග ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙල මෙලෙස ක්‍රියාවට නැන්වීමට රජය තීරණය කර තිබෙන්නේග සිල්ලර වෙළඳාම මෙම ආර්ථික මධ්‍යස්ථාන වල සිදු නොවන බවත්ල බලපත්‍ර සහිත තොග වෙළදුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීමට මෙම සාකච්ඡාවේ දී තීරණය කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එක් ආයතනයකට වාහන 15 ක් සඳහා බලපත්‍ර නිකුත් කොටල සුපිරි වෙළඳ සංකීර්ණ ද විවෘත කොට භාණ්ඩ බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය වූ බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය මේ වන විටත් ක්‍රියාත්මකව පවතිනවාග එසේම වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කඩිනමින් විවෘත කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

lankacnews

Related posts

රනිල්ගේ පාරේම යන්නට අනුර ඇගිලි ගනිනවා..- අරගල නායක

Shiran Viraj

‘සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් බෙදුම්කරුවන්ට 3%ක් දෙන්න එකග වෙති…

Shiran Viraj

ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP

Shiran Viraj