25 C
Colombo
September 15, 2026
Local NewsNews

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මළ සිරුර භූමදානය කිරීම සඳහා අවසරයක් ඉල්ලීම අසාධාරණ නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

තමනට දුරකථන ඇමතුමක් සියයක් ලැබුනහොන් ඉන් 99ක්ම කතා කරන්නේ ඒ ගැන බවද ඔහු පැවසීය.

තමන් තමන්ට හැකි උපරිමයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ ලෙස ඉදිරිපත් කළ විට අන්තවාදීන් ලෙස හංවඩු ගැසීමටද පිරිසක් සිටින බව ඔහු පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දී ඇති බවද පවසන ඔහු මේ සම්බන්ධයෙන් මෙරට ද හැකියාව ඇත්දැයි සොයා බලන ලෙස තමන් ඉල්ලා සිටි බවද කියා සිටියේය.

උත්සන සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

lankacnews

Related posts

එජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

Shiran Viraj

සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..

Shiran Viraj

සියළුම පාසැල් වසා දැමේ….

Shiran Viraj