28.4 C
Colombo
June 9, 2025
News Political

අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්

අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය මේ වන විට හුදෙකලා කිරීමකට ලක්කර ඇති බවත් එහි සේවකයන් නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති බවත් ඒ තුළ රාජකාරි කටයුතු සිදු නොවන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් පළකරමින් ඔහු පෙන්වා දී ඇත්තේ අරලියගහ මැදුර ලොක්ඩවුන් කර නැතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය සත්‍යය නොවන බවයි.

මෙවන් අසත්‍ය ප්‍රකාශ නිසා අගමැතිවරයා පවා හාස්‍යයට ලක්වන බවද පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා කිසිදු කරුණක් සැඟවීමට උවමනා නැති බවත් රොහාන් වැලිවිට මහතා මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නැති බවත් සඳහන් කර ඇත.

තමන්ද අරලියගහ මැඳුරේ කාර්යාලයක කටයුතු කරන බව නිවේදනයේ ඇතත් එවන් කාර්‍යාලයකින් එහි නොමැති බවද පවසන රාජපක්ෂ මහතා තමන් පසුගිය දින කිහිපය පුරාම රැස්වීම් පැවැත්වූයේ වෙනත් ස්ථානවල බවද කියාසිටී.

lankacnews

Related posts

උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…

Shiran Viraj

කොවිඩ් මරණ 5ක්

Shiran Viraj

උෂ්ණත්වය තවත් ඉහලට.. දරුවන් රැකගන්න වෛද්‍ය උපදෙස් මෙන්න..

Shiran Viraj