28.4 C
Colombo
June 2, 2026
Local NewsNews

ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

ස්වයං නිරෝධානයට යොමු කර සිටි එක්දරු මවක් (29) දින පස්වරුවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක පි.කාමදේවන් මහතා පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් හැටන් ඩන්බාර් වත්තේ පදිංචි පි.අංජලෙයි නැමති (79) හැවිරිදි එක්දරු මවකි.

මිය ගිය එක්දරු මවගේ මිණිබිරියි බම්බලපිටිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඉකුත් (17) දින හැටන් මිත්තනියගේ නිවසට පැමිණිමෙන් පසු හැටන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා විසින් මිණිබිරිය ඇතුළු තවත් පවුලේ 8 දෙනෙක් ස්වයං නිරෝධානයට යොමු කර තිබුණි.

ජිවිතක්ෂයට පත් එක්දරු මවගේ මරණ පරික්ෂණය හැටන් හදිසි මරණ පරික්ෂක ඒ.ජේ.එම්.ෆසිර් මොහොමඩ් මහතා විසින් පැවැත්වු අතර , එහිදි හදිසි මරණ පරික්ෂකවරයා හැටන් පොලිසියට නියෝග කරනු ලැබුවේ මියගිය එක්දරු මවගේ පි.සි.ආර් පරික්ෂණයක් සිදු කර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කරන ලෙසයි.

අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ජිවිතක්ෂයට පත් එක්දරු මවගේ සහ ස්වයං නිරෝධානයට යොමු කර සිටි එකම පවුලේ 8 දෙනෙකුගේ පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරනු ලැබුහ.

lankacnews

Related posts

ශ‍්‍රී ලංකාව තරග දෙක ජය ගත්තොත් මීලග ලෝක කුසලානයේ දෙවන වටයට..

Shiran Viraj

චීනයෙන් ලංකාවටම මාස පහක් බත් නොමිලේ..

Shiran Viraj

GotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනි

Shiran Viraj