April 9, 2026
Local NewsNews

බස්නාහිර මඟීන්ට හිටිගමන් පී.සී.ආර්

බස්නාහිර පළාත්තේ ධාවනය කෙරෙන බස් රථවල ගමන් ගන්නා මගීන් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන
අධිකාරියේ සභාපති ඕ. ඩබ්ලිව්. ප්‍රසන්න සංජීව මහතා පැවැසීය. පානදුර, කළුතර, මතුගම හා අලුත්ම සිට ගාලු පාර හා විවිධ ග්‍රාමීය ප්‍රදේශවලට ධාවනය කරනු ලබන බොහෝ පෞද්ගලික  බස් රථවල කොරෝනා වසංගතය හමුවේ රජය විසින් පනවන ලද නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන බවත් එසේම බස් ගාස්තු වැඩි කළත් එමගින් ද ජනතාව  පීඩාවට පත්වී ඇතැයි මගීහු පවසති.

රජය මගින් ගැසට් කර ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සෑම පෞද්ගලික හා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල විෂබීජ නාශක දියර භාවිත කිරීම, රියැදුරන් හා කොන්දොස්තර මහතුන් මුඛ ආවරණ පැලඳ සිටිම, මගී ජනතාව මුඛ ආවරණ නොමැති  නම් බස් රථයට නංවා නොගැනීම හා ආසන ගණනට පමණක් මගීන් නංවා ගැනීම කළ යුතු වුවත්, බොහෝ පෞද්ගලික බස් රථවල එම නීති රීති අනුගමනය නොකරන බවත් ජනතාව පවසති.

-දයා හේමන්ත සිල්වා-

gossiplankanews

Related posts

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

Shiran Viraj

ජනාධිපතිගේ නිලකාලය තෙදිනක් තුළ ජනපතිට

Shiran Viraj

බාල දුරකතන වෙලදපලේ… හොර දුරකතන ජාවාරමක්.. බිලියන ගණනක් රටට අහිමියි..

Shiran Viraj