25.4 C
Colombo
July 26, 2025
Local NewsNews

ගුරුවරියකට කොරෝනා වැළඳීමෙන් පාසලක් වසාදමයි… සිසුන් 1500ක් අවධානමේ

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි පාසල් ගුරුවරියකුට , ඇයගේ සිව්මස් බිලින්දියට සහ පස් හැවිරිදි දියණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව (06) දින තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පවසනවා.

අසාදිත ගුරුවරිය දරු ප්‍රසුත නිවාඩුවෙන් පසු ඉකුත් 28 සහ 30 යන දෙදින ඇය සේවය කරන නොර්වුඩ් දමිල මහ විද්‍යාලයට ගොස් එම පාසලේ පන්ති කිහිපයක ඉගැන්විම් කටයුතු සිදු කල බවටද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් මේ වන විට අනාවරණය කරගෙන ඇත.

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහ විද්‍යාලයේ සිසු සිසුවියන් 1500 ක් පමණ අධ්‍යාපනය ලබන අතර , එහි අචාර්යය මණ්ඩලය 70 දෙනෙකුගෙන් සමන්විතයි.

දරු ප්‍රසුතියෙන් පසු පාසලට ගිය අසාදිත ගුරුවරියට අමතර කාලසටහනක් විදුහල්පතිවරයා විසින් ලබා දි ඇති බවද තහවුරු වි ඇත.

අසාදිත ගුරුවරිය නොර්වුඩ් දමිල මහ විද්‍යාලයට සේවය සදහා දින දෙකක් වාර්තා කිරිම හේතුවෙන් එම විද්‍යාලය (07) දින සිට තාවකාලිකව වසා දමා එම අසාදිත ගුරුවරියගේ ළගම ආශ්‍රිතයන් පි.සි.ආර් පරික්ෂණයක යොමු කරන බව මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ඩි .චන්ද්‍රරාජන් මහතා පැවසිය.

අසාදිත ගුරුවරිය බගවන්තලාව නගරයෙන් එලවළු මිල දි ගත් වෙලදසැල වසා දමා එම වෙලදසැලේ අයිතිකරු සහ සේවකයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමටත්,අසාදිත ගුරුවරියගේ සැමියා සහ එම පවුලේ මව සහ පියාද ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

පාසල වසා දැමිමට පියවර ගන්නා ලෙස එම පාසලේ විදුහල්පතිවරයාට උපදෙස් ලබාදුන් බවයි ඩි.චන්ද්‍රරාජන් මහතා කියා සිටියේ.

අසාදිත ගුරුවරිය ඇයගේ මව පදිංචි ඩයගම ප්‍රදේශයේ නිවසට ගොස් ඇති අතර, මවගෙන් ගුරුවරියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය සහ දරුවන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

Related posts

පලතුරු මිල අහසට.. කොටුවේ පලතුරු කඩ වැසී යයි….

Shiran Viraj

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ..

Shiran Viraj

ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..

Shiran Viraj