April 3, 2026
International NewsNews

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යළි වැසේ

ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන සිඩ්නි ප්‍රදේශය නැවතත් අගුළු දැමීමට බලධාරීන් ක්‍රියාකර තිබේ. දෙසැම්බර් 23 වැනිදා මධ්‍යම රාත්‍රිය වනතුරු නව සීමා පැනවීමට ඔස්ට්‍රේලියානු බලධාරීහු අද (20) පියවර ගත්හ. 
 නගරයේ
උතුරු වෙරළ තීරයේ වෛරස ආසාදිතයින් පිළිබඳ සිද්ධීන් වාර්තාවීම මෙම අගුළු දැමීමට ආසන්න හේතුවයි. සිඩ්නි වැසියන් නත්තලට පෙර නගරයෙන් පිටවීමට ඉක්මන් වී ඇති අතර
නිව් සවුත් වේල්ස් සිට අසල්වැසි වික්ටෝරියා ප්‍රාන්තයටද දහස් ගණනක් ගමන් කර ඇතැයි වාර්තා විය.
ඊට ප්‍රතිචාර වශයෙන් වික්ටෝරියා බලධාරීන් සිය දේශසීමා මධ්‍යම රාත්‍රියේ සිට  සිඩ්නි සහ නිව් සවුත් වේල්ස් මධ්‍යම වෙරළ තීරයේ වැසියන්ට වසා තබන්නටද තීරණය කර තිබේ.
නව වෛරස ව්‍යාප්ති රැල්ල නිසා සිඩ්නි හි හොබාර්ට් යාත්‍රා ධාවන තරඟ උත්සවය ඉතිහාසයේ පළමු වතාවට අවලංගු කිරීමට සිදුව ඇතැයිද එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
නත්තල් සමයට දින කිහිපයකට පෙර මෙම සීමාකිරීම් සිදු කර ඇත්තේ සංචරන අවම කිරීමට හා උත්සව සැලසුම් අවම කිරීමට බවද පැවසේ.

gossiplankanews

Related posts

කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..

Shiran Viraj

මං ජනාධිපති වුනාම ජපානය හා අත්වැල් බැදගන්නවා..- සජිත් ජපාන විදේශ ඇමතිට කියයි..

Shiran Viraj

පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවෙයි…

Shiran Viraj